Colombo Today Local News

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීම අගොස්තු 11… ගෝඨා ට වෙන දේ මෙන්න

අගෝස්තු 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම්කරන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසි භාවය සම්පුර්ණයෙන්ම ඉවත් වී තිබෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය මෙතෙක් අහෝසි කර ගෙන නොමැතිද යන්න පිළිබඳව ඔවුන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ, ඉල්ලුම් පත්‍ර යොමු කර ඇති බවත් ඒ අනුව කටයුතු සිදුවෙමින් පවතින බවත්ය.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කථා කරන්නේ මාර්තු 31 වන දා දක්වා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් පත්‍ර යොමු කර ඇත්තේ ද මාර්තු 31 ක් වන දිනයෙන් පසුව බව ද රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ගෝඨාභය මහතාට එය අහෝසි කරදීමට විදේශ කටයුතු අමාත්‍යවරයා පවා අමෙරිකාවට බලපෑම් කරන බව ද පැවසු රණතුංග මහතා, මේ වන විටත් එහි කටයුතු සියයට 90 ක් පමණ අවසන් වී ඇතැයි ද පැවසීය.

11 වන දින ජනාධිපති අපේක්ෂත්වයට එතුමා නම් කරන විට පුරවැසිභාවය ගැන ප්‍රශ්නය අවසන්ව ඇතැයි විශ්වාස කරන බවද පැවසු ප්‍රසන්න රණතුංග මහතා, ගමේ මිනිසුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයේ වැඩිම ඡන්දයෙන් පත් කරන ලද ජනාධිපතිවරයා බවට පත් කරනු ඇතැයි ද කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා රටේ මිනිසුන්ට එපා වී ඇති  බවද පැවසු මන්ත්‍රීවරයා, විශේෂ කාරක සභාව තුළින් සියල්ල යට ගසමින් වැරදිකරුවන් වැරදිවලින් නිදහස් කරන්න ආණ්ඩුව උත්සහ ගන්නා බව ද පැවසීය.

Related posts

කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. එය බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා.

colombotoday

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

colombotoday

ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ලසන්ත මැරුවේ ෆොන්සේකා යැයි අපි ඉස්සර සැක කළා.. දැන් එයා ගැන සැකයක් නෑ

colombotoday