Colombo Today Local News

ජොන්ස්ටන් ප්‍රනාන්දු බේරාගන්න පොලීසියට බාර වුනු අනුරුද්ධ සම්පායෝ.

අත්අඩංගුවට ගත් මිගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ද සම්පායෝ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබූ වැඩ තහනමට ලක්ව සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා අද (2) සවස් වරුවේ මීගමුවේ විශේෂ  පොලිස් කණ්ඩායමක් වෙත බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

 

අධිකරණ නියෝගයට අනුව තමන් පොලීසියට බාර වන බවට සම්පායෝ මහතා මීගමුව ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙකුට දැනුම් දීමෙන් පසුව මීගමුවෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද පස්වරු 3.45 ට පමණ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අසලදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

 

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් සමග සම්පායෝ මහතා පොලීසියට බාර වීමට පැමිණ සිටියේය. ඔහු එම ව්‍යාපාරිකයාගේ නිවසේ පොලීසිය මඟ හරිමින් මෙතෙක් දිනක් සැඟවී සිටි බව පැවසේ. ටයි පටියක්  පැළැද යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටි හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොලීසියට බාර වීමෙන් පසුව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් තමන් සඟවාගෙන සිටින බවට එල්ල කරනු ලබන අසත්‍ය චෝදනා හේතුවෙන් මෙසේ පොලීසියට බාර වීමට තීරණය කළ බවය.

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා වශයෙන් සේවය කරමින් සිටියදී එම බන්ධනාගාරය තුළ සිර දඬුවම් විඳිමින් සිටි ප්‍රබල පෙළේ අපරාධකරුවන් පිරිසකට සුවිශේෂ පහසුකම් සැපයීමේ චෝදනාව මත සම්පායෝ මහතා සේවයෙන් පහ කර ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණී. එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු වලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව සැකකාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු ඊට සම්බන්ධ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ තවත් නිලධාරීන් පිරිසක්ද අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර සතියක කාලයක් ගතවී තිබුණද සම්පායෝ මහතා අධිකරණයට බාර නොවී කට්ටි පනිමින් සිටියේය. මේ තත්ත්වය මත ඔහුව අත්අඩංගුවට නොගැනීමට හේතු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සඳහන් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලීසිය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. එම මාධ්‍ය හමුව නීතිපති දෙපාර්තමේන්තුවේ විසින් පවත්වන ලද ප්‍රථම මාධ්‍ය හමුව ලෙසද ඉතිහාසයට එක් විය.

සැකකාර සම්පායෝ මහතා කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

Related posts

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday

බෙන් එමර්සන් හොරාගේ අම්මාගෙන් පේන අහලා ! හිටපු කොටින්ගෙන් සාක්ෂි අරන් වාර්තා හදයි..

colombotoday

හමුදාව කැබලි 9කට කඩන්නැයි විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිගු පිටි මිළත් ඉහළට…

colombotoday

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

colombotoday