Colombo Today Local News

පාස්කු වන්දි ගෙවා අවසන් කරන්න මෛත්‍රී ඇතුළු පිරිසට අධිකරණයෙන් දින දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින පිරිසට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිව මෙම නියෝගය ලබා දී තිබුණා.

එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදා ට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

Related posts

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු නිවසක් කොල්ලකති

Admin

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

colombotoday

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

සමාජ ජාලා හරහා හුවමාරු වූ ගෝඨගේ බව කියන ගුවන් ටිකට්පත ගැන පැහැදිළි කිරීමක් !

colombotoday