පාස්කු ඉරිදා දිනයේ ශ්රී ලංකාවට එල්ල වූ මහා ත්රස්තවාදී ප්රහාරයක් වළක්වා නොගෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්දැයි හිටපු හමුදාපති ජනාධිපති වත්මන් අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය.
ස්වර්ණවාහිනියේ පැවති ‘නාඩිය’ විවාදාත්මක වැඩසටහනේදී පාසල් සිසුවෙකු විසින් මෙම පැනය යොමු කළේය.
පාස්කු ප්රහාරය එල්ල වෙද්දී හමුදාපතිවරයා ලෙස සිටිමින් හමුදා බුදධි අංශ තමන් යටතේ තිබියදී මෙම ප්රහාරය වළක්වා නොගත් මහේෂ් සේනානායක මහතා ඉදිරියේ දී යම් ලෙසකින් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව කෙසේ සලසන්නේදැයි එම සිසුවා ඔහුගෙන් විමසූ අතර, හිටපු හමුදාපිවරයා ඉතා අසීරුවෙන් එම පැනයට පිළිතුරු අමුණනු දක්නට හැකිවිය.