Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාව අඛණ්ඩව

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට එම කාරක සභාව තීරණය කර තිබේ.

තේරීම් කාරක සභාව පැවැත්වූ දින කිහිපය තුළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකීම් පැහැරහැර ඇති පුද්ගලයන් පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වීමත් සමග එය දිගටම පවත්වාගෙන යෑමේ තීරණය තේරීම් කාරක සභාව ගෙන ඇත.

මෙම තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන ඕනෑම සාක්ෂිකරුවෙකු %සිය සාක්ෂිය හරහා ජාතික ආරක්ෂාවට අගතියක් වෙනවා^ යැයි පැවසුවහොත්, එම ස්ථානයෙන් මාධ්‍ය ඉවත් කර සාක්ෂිය ලබාගැනීමට තේරීම් කාරක සභාව ආරම්භයේදීම තීරණය කර තිබූ අතර එය නැවතත් තහවුරු කර තිබේ.

සිය සාක්ෂිය මගින් කිසියම් පුද්ගලයෙකුගේ වැරදි ආරක්ෂා කිරීමට නොව සැබැවින්ම ජාතික ආරක්ෂාවට අගතියක් වන්නේදැයි  යන කාරණය සලකා බලා තේරීම් කාරක සභාවට ඒ ගැන සෑහීමකට පත්වේ නම්, එලෙස මාධ්‍ය එම ස්ථානයේ ඉවත් කිරීමට හැකියාව ලැබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (11දා) දින යළි රැස්වීමට නියමිත අතර, එදින සාක්ෂි විමසීම සඳහා කාත්තන්තුඩි මුස්ලිම් දේවස්ථානවල සභාපතිවරයා, බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා කැඳවා තිබේ.

මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට සහ ඕනෑම ලේඛන වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීමට බලය ලැබී ඇත.

එමෙන්ම යම් හෙයකින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමක් හෝ කල්තබන ලද අවස්ථාවක වුවත් තේරීම් කාරක සභාව පවත්වාගෙන යෑමට බලය තිබේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු පක්ෂවල ඉල්ලීමකට අනුව, පක්ෂ නායකයන්ගේ එකඟතාව මත පර්ලිමේන්තු යෝජනා සම්මතයකින් අදාළ කාරක සභාව පත් කෙරිණි.

එහෙයින් මෙම විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවක් ජනාධිපතිවරයා, අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට නොමැත.

මෙම තේරීම් කාරක සභාව දිගටම පවත්වාගෙන යන්නේ නම්, තමා කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව පසුගිය 07 වැනිදා පැවැති හදිසි කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා පවසා තිබිණි. එමෙන්ම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද ‘අද’ පුවත්පතට වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැහැ

colombotoday

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday

යහපාලන රජයේ හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ශ්‍රී ලංකාවට කැඳවයි

colombotoday

ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයට

Admin