Colombo Today Local News

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

පාස්කු ඉරු දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් මොහොමඩ්ට අයත් මාතලේ හතමුණ ගාල ප්‍රදේශයේ අක්කර 25 ක ගම්මිරිස් ඉඩමක් අදාළ ග්‍රමා සේවා වසමේ ග්‍රාම නිලධාරිනිය භාරයට පවරා තිබේ.

මාතලේ ප්‍රාදේශීය ලේකම් ඒ. සී. එල්. මධුවන්ති මහත්මිය විසින් එම පැවරීම සිදු කර ඇත.

මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් මොහොමඩ්ට අයත් මෙම ඉඩමෙහි ප්‍රදේශවාසීන් විසින් ගම්මිරිස නෙලීමට ගොස් ඇති බවට පසුගිය දින කිහිපයේදී ප්‍රදේශීය ලේකම්වරියට පැමිණිලි ලැබී තිබූ අතර ඉන් අනතුරුව එම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ඉඩම පසුගිය අප්‍රේල් මස 30 වැනි දා පොලීසිය හා පොලිස් විශේෂ කාර්යයය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබිණි.

Related posts

ක්ෂේත්‍ර කිහිපයකට ලැබෙන අයවැයේ කොවිඩ් සහන මෙන්න

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

2016යේ දෙවෙනි බැඳුම්කර වංචාව : රවී ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදා හරි

colombotoday

නාවික හමුදාපති පත් කිරීමට ජනපති – අගමැති කඹ ඇදිල්ලක !

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday