පාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඔහු මේ වන විටත් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ජනපති නිකුත් කළ නිවේදනය ගැසට් නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි වීමට නියමිතය.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර විජිත හේරත් මහතා එය ස්ථිර කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළ යෝජනාව සම්මත විය. කතානායක වරයා සඳහන් කළේ යෝජනාවට ඡන්ද විමසිමක් පවත්වන බවයි.