Colombo Today Local News

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් පරිහරණය කිරීම සම්බන්ධව පොඩි ලැසී නම් පාතාල කල්ලි නායකයාගේ මව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ, පන්නිපිටිය මායා මාවතේ තුන්වන පටුමගේ නිවසක සැඟව සිටියදී බවය.

එහිදී සැකකාරිය සතුව තිබී රුපියල් 51,000 ක්, ජංගම දුරකථන 05 ක් හා බැංකු පොතක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පොඩි ලැසී විසින් මෙම නිවස කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින කාලයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී මිලදීගෙන ඇති බවය.

මීට මාස 7කට පමණ පෙර එම නිවස රුපියල් කෝටි එකහමාරක මුදලකට මිලදී ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, පොඩි ලැසී විසින් මිලදී ගෙන තිබූ අවුඩි වර්ගයේ කාර් රථය හා සී.එච්.ආර්. වර්ගයේ මෝටර් රථ අපරාධ කරුවන්ගේ දේපල රාජසන්තක කිරීමේ තීරණය මත විකුණා දැමීමෙන් පසු අදාළ නිවස මිලදී ගෙන ඇති බවය.

පොඩි ලැසී කළ අපරාධ රැසක් මව විසින් මෙහෙයවා ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

එසේම පොඩි ලැසීගේ ගෝලයෙකු ද අද (25)දින පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 100 ක හෙරොයින් සහ අයුධ තොගයක් සමගිනි.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

එහිදී ගාල්ල රත්ගම සහ තෙල්වත්ත ප්‍රදේශවල තිබී රුපියල් මිලියන 100 ක පමණ වටිනා හෙරෝයින් කිලෝග්‍රෑම් 11ක් , ටී 56 ගිනි අවි 02 ක් සහ රිවෝල්වර් 02 ක් සහ උණ්ඩ තොගයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කර මුදල් ඉපැයීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නියාමකවරියක් වන තිළිණි විජේරත්න නම් කාන්තව දෙහිවල පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඇය “මර්වින් ජනා” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මහප්පාගේ දියණිය වේ.

සැකකාරිය බොරලැස්ගමුව, දේවාලමුල්ල පළමු පටුමග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, සැකකාරියගේ බැංකු ගිණුම් 05 ක වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී රුපියල් 14 කෝටි විසිතුන් ලක්ෂ18,535 ක මුදලක් සංසරණය වී ඇති බවය.

අදාළ කාන්තාව විසින් බොරලැස්ගමුව, රත්මලාන හා දෙහිවල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර තිබේ.

පොලීසිය පැවසුවේ මෙම සැකකාරිය මර්වින් ජානා අත්අඩංගුවට පත්වීමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම තනිව මෙහෙයවා ඇති බවය.

සැකකාරිය අත්අඩංගුවට ගැනීමේදී ඇයගේ මෝටර් රථය ද පොලීසිය සිය බාරයට ගෙන ඇත.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් ගමන් අරම්භයේ සිට හුවමාරු කරගත් තොරතුරු CIDය සොයා ගනී

colombotoday

20ට චන්දෙ දුන්නත් රිෂාඩ්ගේ ගෝලයෝ ආණ්ඩුවට වද්ද ගන්නේ නෑ.. විමල් වීරවංශ දැඩි ස්ථාවරයක

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කතානායකට

colombotoday