World

ප්‍රංශයේ නිරුවත් නගරයේ 150කට කොරෝනා වැලදෙයි

දකුණු ප්‍රංශ වෙරළ තීරයේ පිහිටා ඇති “ඇඳුම් නොඇඳ” ගැවසිය හැකි නිවාඩු නිකේතනයක නැවතී සිටි හෝ එම ස්ථානයට පැමිණි පුද්ගලයින් 150 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

එම ස්ථානය සැළකෙන්නේ නිරුවත්ව ගැවසිය හැකි ලොව විශාලතම නිවාඩු නිකේතනය (Nudist Resort) ලෙසය.

එම ස්ථානයේ රැඳි සිටි 100කට අසන්න පිරිසක් සහ එම ස්ථානයට ගොස් නැවත නිවෙස් කරා ගොස් සිටි 50 දෙනෙක් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව බලධාරීන් පවසයි.

තවත් 310 දෙනෙකුට අදාළ වෛද්‍ය වාර්තා විමර්ශනයට ලක් කෙරෙමින් තිබේ.

මෙම ප්‍රදේශය “නිරුවත් නගරය” (Naked City) ලෙස ද හඳුන්වයි. එම ස්ථානයට ඇඳුම් ඇතිව හෝ නැතිව යා හැකිය. සමහර කාලයන් වල එම ස්ථානයට සංචාරකයෝ 40,000ක් පමණ පැමිණෙති.

එම නිවාඩු නිකේතනයට පැමිණෙන සංචාරකයන්ට තමන්ට කැමති ඕනෑම අවස්ථාවක නිර්වස්ත්‍ර විය හැකිය.

Related posts

හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයි

colombotoday

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

colombotoday

කාන්තාවකගේ පච්චයක් සිපගත් ෆ්‍රැන්සිස් පාප්තුමා.

colombotoday

Breaking News – පාප් වහන්සේ දිවි ගමනට සමු දෙයි

Admin

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

colombotoday