Colombo Today Local News

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාව පරාජය වීම ඉරහඳ සේ විශ්වාස යැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්යේ යම් ඇමැතිවරයෙක් ඡන්දය භාවිත කළහොත්, සම්මුති ආණ්ඩුවේ ගිවිසුම අනුව ඔහුගේ ඇමැති ධුරය අහිමි වන බවද සභානායකවරයා පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය මීට පෙරද විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කළත් ඒ සියල්ල පුස්සක් වූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

මේ අතර අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවට සාර්ථකව මුහුණ දී පරාජයට පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (22) රැස්වීමට නියමිතව ඇත.

Related posts

කිලිනොච්චියේ දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ කර්නල් ගැන හමුදාවෙන් තීරණයක්

colombotoday

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Admin

යහපාලන ආණ්ඩුවේ කරුංකා හොරු, තේ හොරු, ගම්මිරිස් හොරු, අන්නාසි හොරුත් ඉන්නා බව ජනපති කියයි

colombotoday

හිරිහැර නිමක් නෑ.. ගෝඨා දැඩි කළකිරීමෙන්.. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සැක සහිතයි !

colombotoday

සිවුරු තොගයක් සමග මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

colombotoday