මෙම උත්සව සමයේදී මහා මාර්ග හා පදික වේදිකාවන් අවහිර වන අන්දමට හා ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නවතා තිබෙන වාහන පොලීසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
රථ වාහන එවැනි ආකාරයට ගාල් කර තැබීමෙන් අනවශ්‍ය ආකාරයට රථ වාහන තදබදයක් නිර්මාණය වී ජනතාව අසීරුතාවයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
මෙය දිවයිනපුරා ක්‍රියාත්මක කරන බව ද පොලීසිය පවසයි.
ශ්‍රී ලංකාවේ අංක 1984 අංක 4 දරණ මෝටර් වාහන පනතේ 167 (04) හා (05) යන උප වගන්ති අනුව මෙම ඉවත්කිරීම් සිදුකරයි.