Colombo Today Local News

නොදන්නා දේශපාලනයට ෆොන්සේකා පැමිණීමද මා පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීමට හේතුවක්.. මංගල සරත්ට සැරටම කියයි

සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටලු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත.

තම සමාජාල ගිණුමේ සටහන් කර ඇති අදාල සම්පූර්ණ සහන මෙසේය.

හිතවත් සරත්,

ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි.

ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි.

අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි.

මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය කරවා ඇත.

රනිල්ට පින් සිදුවෙන්න පාර්ලිමේන්තුවට ආ හැටි…

“අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි.

ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.”

Related posts

කලත්තෑව කඳවුරේ අවි ගබඩාව හොරු බිඳියි.. ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අරන් පනී !

colombotoday

සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සුල මුල හෙළි වෙයි – එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුළු 6ක් අත්අඩංගුවට

Admin

රැකියා දස ලක්ෂයක් පෙන්වා, ඇමති දයා ගල්ඔයේ මහ ඉඩම් කොල්ලයක

colombotoday

2003 දී රනිල් බදුදුන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුම වෙනස් කෙරේ. වාසිය ලංකාවටයි. – ​ඇමති ගම්මන්පිල කියයි

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin