Colombo Today Local News

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්… හෝඩුවාවක් හමුවෙයි…

මහවිලච්චිය සියඹලාගස්වැව ප්‍රදේශයේ නිට්ටෑවකු කැලෑවැදී සිටින බවට පොලිසියට තොරතුරු ලැබීමත් සමඟ අද්භූත නිට්ටෑවා ඇල්ලා ගැනීමට තන්තිරිමලය පොලිස් කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් හා ගම්වැසියන් පෙරේදා (24දා) සියඹලෑව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබිණි.

කාන්තාවන්ට හිරිහැර සිදුකරනා නිට්ටෑවකු ඇලයාපත්තුව සියඹලාගස්වැව ප්‍රදේශයට පැමිණ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රමුඛ මහවිලච්චිය තන්තිරිමලය යන පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ගම්වැසියන් එක්ව නිට්ටෑවා සොයා පරීක්ෂණ සිදුකරත් එවැනි රුවක් සහිත පුද්ගලයකු හමු වී නැතත් කැලෑව තුළ සෝදිසි මෙහෙයුම් සිදුකරද්දී කිසියම් අයකු කැලෑවේ සැඟ වී දිවයන ශබ්දය පොලිසියට ඇසී තිබේ.

පොලිසිය සිදු කළ මෙහෙයුම්වලදී අසාමාන්‍ය පාද සලකුණු කිහිපයක් ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබෙන අතර කැලෑවේ සිට දිව යන ශබ්දය ඇසුණේ වන සතකුද යන්න අනාවරණය කර ගැනීම අපහසු වී තිබේ. සියඹලෑව ප්‍රදේශයේ පෙරේදා (24දා) දිනයේ නිට්ටෑවකු බව කියන කුරු මිනිසකු සැරි සරනා අයුරු කාන්තාවන් කිහිපදෙනකුම දැක තිබෙන අතර කාන්තාවකගේ අතින් ඇල්ලීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

නීට්ටෑවන් යනු මෙරට වනාන්තර ආශ්‍රීතව ජීවත් වූ කුරු මිනිස් විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.

18 වන සියවස ආසන්න කාලය දක්වා මොවුන් මෙරට වනාන්තරවල ජීවත් වූ බවට විදේශිකයන් විසින් ලියන ලද වාර්තා කිහිපයක දැක්වේ.

කෙසේ වෙතත් මොවුන් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් මුලුමනින්ම වද වී ගොස් ඇතැයි සැලකෙන නමුදු මේ වන තුරුත් ඒ පිලිබද නිශ්චිත තොරතුරක් කිසිවකුටත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නොමැත.

Related posts

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමතියි

colombotoday

නීරෝධායන නීති කඩමින් පුත්තලමේ 200ක් මගුල් කලා

colombotoday

චෙක්පත් සොරකම් කල දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් සදහා නිවේදනයක්

colombotoday

හිටපු ජනපතිට ගෞරවනීය තනතුරක් ඉල්ලුවේ නෑ

colombotoday

කවුරු ගියත් මම සැලෙන්නෑ.. 2020 වන තෙක් සම්මුති ආණ්ඩුව කරනවා – ජනපති කියයි

colombotoday