Colombo Today Local News

නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසු සිදුකරන බව එහි නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පවසනවා.

ඉන් ප්‍රථම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට බලයක් නොමැති බවයි එහි නීති ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා කමිටුවක් පත්කරන අතර ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගනු ලබන්නේ එම නාමයෝජනා මණ්ඩලය විසින් බවයි ඔහු කියා සිටියේ.

තවද නාමයෝජනා කමිටුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගත් පසුව ඔහුගේ නාමය එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ යුතුද වනවා.

මෙම කරුණු පිළිබඳ ප්‍රතිපාදන සහිතව පක්‍ෂ ව්‍යවස්ථාව දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් සකස් කර ඇති බවයි එහි නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේ.

Related posts

NGO හඩ බලවත් වෙයි… මහානාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දැමේ… ඤාණසාර හිමියන්ට ජනපති සමාව නොලැබේ…

colombotoday

ව්‍යවස්ථා මගෝඩියෝ ජනපතිවත් අන්දා රටත් නොමග යවන්න ගහන “ඒකීය” ගැටේ මෙන්න !

colombotoday

“සංහිදියාව ඇතිකරන්න දෙමළ උගන්වනවා.. දෙමළ උගෙනුමෙන් අපට අප සමග කතා කළ හැකියි” – අගමැති

colombotoday

ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්

colombotoday

එකම ස්ථානයකදී කොටි දෙදෙනෙකු මදුවලට හසුවී එක් කොටියෙක් මියයි

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday