Colombo Today Local News

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

නව රජය බලයට පත්වීමත් සමගම රටේ පාතාල කි‍්‍රයාකාරකම් 100% කින් පහළ වැටී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

රටපුරා විසිරී සිටින පාතාල කණ්ඩායම් විසින් සිදුකළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, පහරදීම්, වෙඩි තැබීම්, සොරකම් සහ පැහැරගෙන යෑම් නව රජය බලයට පැමිණීමෙන් පසු මුළුමනින්ම නතර වී ඇති බව පොලිස් මූලස්ථානය සිදුකළ සමීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සැඟවී සිටි පාතාල අපරාධකාරයන් විශාල පිරිසක් සිය කි‍්‍රයාකාරකම් නතර කර රහසිගත ජීවිත ගත කරන අතර ඇතැම් පාතාල අපරාධකාරයන් රට අතහැර පලාගොස් ඇති බවද වාර්තා වෙයි.

නව රජය බලයට පත්වීමෙන් පසු දිවයිනේ කිසිදු ප‍්‍රදේශයකින්ම පාතාල අපරාධ, පාතාල මිනීමැරුම්, මහාපරිමාණ මංකොල්ලකෑම් කිසිවක් වාර්තා වී නැත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි කාල සීමාවේ පාතාල මර්දන මෙහෙයුම් ඉතාම සාර්ථකව කි‍්‍රයාත්මක කළ අතර ඒ කාල සීමාවේදීද මෙරට පාතාල අපරාධ සම්පූර්ණයෙන් නතර වී තිබිණි.

Related posts

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday

අගමැති වෛද්‍ය ඒකකය විසුරුවයි

Admin

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

colombotoday

ගාල්ල පැලවත්ත පාරේ අබ්දුල් හකීම්ගේ නිවසට අක්‍රම් ලවුසාන් ඇතුළු පිරිසක් පහර දෙති. දෙදෙනෙකු රෝහලට. යතුරු පැදිවලටත් හානි

colombotoday

රටම පාවාදුන් ජනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය සූදානම් !

colombotoday