Colombo Today Local NewsColombo Today Sports News

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

කොරෝනා වසංගතය හේතුවෙන් සති 10ක් පමණ කාලයක් ලොව පුරා ක්‍රිකට් තරගාවලි නවතා දමා තිබුණි

එම තත්ත්වය යම් තරමක් හෝ ලිහිල් කරමින් ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා නීති රීති අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිලය (ICC) පසුගියදා එළි දක්වා තිබේ.

අන්තර් ජාතික,දේශීය,හා ප්‍රාන්ත ක්‍රිකට් ඇතුළත් වන පරිදි “ක්‍රිකට් ක්‍රීඩාව නැවත පැමිණීමේ මාර්ගෝපදේශ” නමින් ලේඛනයක් ඔවුන් පසුගියදා ඉදිරිපත් කර තිබුණි.

මෙම මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම උදෙසා ඒ ඒ රටවල රජයේ නියෝගයන්ට අනුව කටයුතු කළ යුතු බවයි ICCය මෙහිදී අවධාරණය කරන්නේ.

සමාජ දුරස්ථ භාවය තබා ගන්නේ කෙසේද ?

විනිසුරුවරුන් පිටියේදී හා ඉන් පිටතදී සමාජ දුරස්ථභාවය සම්බන්ධ සම්මතයන් අනුගමනය කළ යුතු වනවා.

ඉදිරියේදී ක්‍රීඩකයන්ට කැප් , අව් කණ්නාඩි , ස්වීටර් වැනි පෞද්ගලික භාණ්ඩ විනිසුරුවරයා වෙත ලබා දීමට අවස්ථාවක් නොලැබේ. එමෙන්ම ක්‍රීඩකයින් පන්දුව ඇල්ලීමෙන් අනතුරුව සෑම විටම සනීපාරක්ෂක ක්‍රමයක් භාවිතා කළ යුතු වනවා.

විනිසුරුවරුන් මෙහිදී පන්දුව ඇල්ලීය යුත්තේ අත් වැසුම් සහිතවයි. ක්‍රීඩකයන් පුහුණුවීම් කිරීමේදී පවා මීටර් 1.5 දුරක් තබා ගත යුතු අතර පුහුණු ආම්පන්න සහිතව පැමිණිය යුතු බව දන්වා තිබෙනවා. changing room සැලකිල්ලෙන් භාවිත කිරීමටද මෙහි දී උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ශරීර සම්බන්ධතාවන් ඇතිවන බීම බෝතල් තුවා වැනි උපකරණ බෙදා ගැනීමේ අවදානමක් ඇති බවද මෙහි දක්වා ඇති අතර එබැවින් ඒවා සීමා කළ යුතු බව දන්වා තිබෙනවා.

ICC යෙහි නිර්දේශ මත පන්දුව ඔප දැමීම උදෙසා ඛේටය භාවිත කිරීමට අවස්ථාව නොදීමට තීරණය කර තිබෙනවා. ICCය මීට පෙර පන්දුව දහඩියෙන් ඔප දැමීමට අවස්ථාව ලබා දුන්නා. මේ අතර පන්දු ඇල්ලීමෙන් අනතුරුව ක්‍රීඩකයන්ට සිය ඇස් , නාසය හා මුඛය ස්පර්ශ නොකරන ලෙස ද දන්වා තිබෙනවා.

අවදානමට ලක්විය හැකි කාණ්ඩයන් මොනවාද ?

කොරෝනා වෛරසය හේතුවෙන් වඩාත් පීඩාවට පත් විය හැකි කාණ්ඩය වූ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ICC ය තරග නිලධාරීන් , විනිසුරුවන් හා සහාය විනිසුරුවන් පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කොට තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව පිටියේ විනිසුරුවරයා විසින් මෙහෙයවීමත්, ඔවුන් ක්‍රීඩකයන් අතර වැඩි කාලයක් ගත කරන බැවින් පිටියේ විනිසුරුවරයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී සඳහන් කර තිබේ.

Related posts

ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු. – ඇමති නවීන් දිසානායකට ඉරාජ් අභියෝග කරයි

colombotoday

සිංහල සහාංරක දොස්තරට ගැන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එපා… රෝහල් සේවකයෝ ඇතුළු මහ පිරිසක් කුරුණෑගලදී වීදි බසී

colombotoday

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

Admin

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

Admin

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday