Colombo Today Local News

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

දෙසැම්බර් මාසය වන විටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තමාට හිමි වුවහොත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට තමා සුදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඊයේ (14)දින කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ පැවති රහස් ඡන්දයෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වු ඒ මහතා අද (15)දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේ ය.

තමාට පක්ෂය වෙනුවෙන් සිදුකිරීමට විශාල කැපකිරීමක් කළ යුතුව ඇතැයි ද පැවසු ඒ මහතා, රටේ ජනතාවගේ විශ්වාසය නැවත වතාවක් දිනා ගැනීමට සිදුවන බව ද පැවසීය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම තම බලාපොරොත්තුව බව ද පැවසු රුවන් විජේවර්ධන මහතා, පක්ෂයේ සියලු නායකයින් එකතු කර ගනිමින් ඉදිරි ගමන යෑමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේ ය.

සමගි ජන බලවේගයේ සමහර අය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව ද පැවසු ඒ මහතා ඔවුන් ද පක්ෂයට ආදරය කළ අය බැවින් ඔවුන් සමග එක් ව ඉදිරියට යෑමට සුදානම් බව ද වැඩිදුරටත් පැවසීය.

Related posts

දියතලාව බස් බෝම්බයට සැක හමුදා නිලධාරියාට නඩු !

colombotoday

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

colombotoday

ගුරු – වෘත්ති සංගම් ඉල්ලීම ඉවත දා මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන් කරයි

colombotoday

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

රට වෙනුවෙන් ශරීරාංග පූජාකළ රණවිරුවන්ට විශ්‍රාම වැටුපෙන් සහන

colombotoday

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

Admin