Colombo Today Local News

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

දියතලාව ප්‍ර දේයේදී අද අළුයම බස් රථයක් ගිනිගෙන ඇත්තේ මගියකුගේ බැගයක් තුළ තිබූ ග්‍රෙනේඩ් බෝම්බයක් පුපුරා යෑමෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධව තමන් නීතිය හා සාමය ඇමතිවරයාගෙන්, හමුදාපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් විමසූ බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා ලවා ඉදිරි පරීක්ෂණ කරගෙන යන බවයි.

Related posts

උලෙමා සභාවේ ලොක්කා බොදු බලේ ගැන බොරු ප්‍රකාශ සිදුකර පාර්ලිමේන්තු කමිටුව නොමග යවනවා

colombotoday

විස දුමාරයක් අග්‍රාණය වී 10දෙනෙක් රෝහලේ…

Admin

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday

මෙන්න ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්

Admin

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

colombotoday