Colombo Today Local News

ත්‍රස්ත සැකකරුවෙක් නිදහස් කරගන්න හොරොව්පතාන පොලිසියට අල්ලස් දීලා.. බඩුත් එක්කම මාට්ටු…

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදලක් ලබා දීමට යම් පුද්ගලයෙක් උත්සහ දරා තිබේ.

පසුගිය අප්‍රේල් මස 21 දින කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ පිපිරීමට අදාළව ජාතික ජව්හීද් ජමාත් සංවිධානයේ සැකකරුවෙකු වන අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමති පුද්ගලයා මේ වන විට රැඳවුම් නියෝග මත සිටී.

එම පුද්ගලයාගේ සමීපතමයෙක් බවට සැකකරන හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වු මොහොමඩ් ෂිෆාන් නැමැති පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් රැඳවුම් බාරයේ සිටින පුද්ගලයා නිදහස් කර ගැනීම වෙනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීමට කැමැත්ත පළ කර ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ 2 හමාරක මුදලක් අද(08) උදෑසන පොලිස් ස්ථානයේ දී ලබා දීමට යෑමේ දී මෙම පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා සැකකරුට ඇප ලැබීමෙන් අනතුරුව සම්පූර්ණ මුදල ලබා දෙන බවට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා කල්තියා අදාළ අංශ දැනුවත් කර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

Related posts

අයවැය ප්‍රකාශය : රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට මිලියන 100ක්

Admin

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

වරාය ගිවිසුම ස්ථීරයි.. අර්ජුණගේ වරාය ඇමතිකම අනතුරේ !!

colombotoday

නැව් මගින් වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

colombotoday

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

colombotoday