පසු ගිය ආණ්ඩුව සමයේ සිදුවූවා යැයි කියන ඝාතන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගැනීම සදහා තවත් බුද්ධි අංශ නිලධාරීන් තිස් අට දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට තීරණය කර තිබෙනවා.
ප්රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සේවයෙන් නිරත මෙන්ම විශ්රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් එකොළොස් දෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මෙලෙස කැඳවීම් කර ඇති පිරිස අතර දැනට සේවයේ නිරත හා විශ්රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින් ද සිටින බව සදහන්.