Colombo Today Local News

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඉහළ මට්ටමේ හමුදා පාඨමාලාවක් පැවැත්වීම සඳහා ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදේශීය ආරක්ෂක විද්‍යායතන විසින් වාර්ෂිකව ලංකාවට ලබාදෙනු ලබන පාඨමාලා සංඛ්‍යාව සීමිත බවද, එබැවින් අපේක්ෂිත පරිදි ආරක්ෂක අංශ පුහුණු කිරීමට නොහැකි වී ඇතැයිද පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු අද(30) සඳහන් කළේ මේ හේතු මත ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවය.

ශ්‍රී ලංකාව තුළ සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම විද්‍යායතනය ස්ථාපිත කිරීමට අදාළව පනතක් කෙටුම්පත් කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉකුත් වාරයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළ බවද, ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද එම නිලධාරියා පැවසීය.

කෙටුම්පත් කරන යෝජිත පනත සම්මත වීමෙන් අනතුරුව මෙම විද්‍යායතනයේ ඉදිරි කටයුතු ආරම්භ කරන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

හෝමාගම, පිටිපත භූගත කසිප්පු ස්කාගාරය වටලයි | කසිප්පු කළුවා අත්අඩංගුවට

colombotoday

හමුදාවට එරෙහි අභූත චෝදනා ගැන රජය නිහඩ ඇයි? – විමල්ගෙන් ජනපතිට සැර බර ලිපියක්

colombotoday

ඩොලර් ගලනය සියයට 69කින් ඉහළ ගිහින්

Admin

රාජිතට අයවැය හොඳයි

Admin

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත.

colombotoday