Colombo Today Local News

ජනාධිපතිතුමාගේ ආදර්ශයට අනුව අරපිරිමැස්මෙන් කටයුතු කරනවා. වැඩබාර ගනිමින් මහින්ද අමරවීර කියයි

නව රජයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස ඊයේ (22) පෙරවරුවේ දිවුරුම් දුන් මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලි බල හාබල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යංශයේදී ඊයේ පස්වරුවේ රාජකාරී ආරම්භ කළේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, කැප කිරීම් කිරිමට ඇති සියලු දෙනා කැපකිරීම් කර රට වෙනුවෙන් යම් පරිත්‍යාගශීලි මේ කාලය තුළ රට ගොඩනැඟීමට දායකය විය යුතු බවයි.

නායකත්වය වංචාවට හෝ දූෂණයට සම්බන්ධ වුවහොත් එය පහළ ස්ථානය දක්වාම ගලා යන බවත් පැවසු ඒ මහතා, ඒනිසා උඩ සිටම මෙය වැලැක්වීමට පියවර ගත යුතු බවද පැවසීය.

ජනතාව වෙනුවෙන් සංවේදීව හා පුළුල් අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් පැවසු අමාතවරයා, තම දුරකථනය රාත්‍රී 12 වන තෙක් ජනතා සේවය වෙනුවෙන් විවෘත බවත් කියා සිටියේය.

ඕනෑම මොහොතක රට වෙනුවෙන් තමා කැප වී සිටින බවත් පැවසු අමාත්‍යවරයා, වේලාව පිළිබඳ ගැටළුවක් නැති බවත් වැඩ කිරිමට හැකි ඕනෑම අවස්ථාවක ඒ යුතුකම ඉටු කරන බවත් පැවසීය.

Related posts

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

යුධ අපරාධ චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ඕනෑ.. එන්ජීඕ ක්‍රියාකාරීන්ගෙන් රජයට බලපෑම්

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම අරඹයි

Admin

“මහානායක හිමිවරු අනුමැතිය දෙනවානම් සංඝාධිකරණයක් පිහිටුවනවා“ – අගමැති

colombotoday

මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණයක්

colombotoday