Colombo Today Local News

ජනපති ගත් හොඳම තින්දුව යාපනේ නාග විහාරාධිපති හිමි කියයි..

උතුරු පළාතේ ආගමික සහජීවනය ඇති කිරීම මුල්කර ගනිමින් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ආණ්ඩුකාරධූරය භාර ගැනීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින් හමුවීමක් සිදුවිය.

එහිදී යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි සහ නාගදීපයේ විහාරාධිපති පූජ්‍ය නමදගල පත්මකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට ගිය අතර ප‍්‍රථමයෙන් ආණ්ඩුකාරතුමන් මල් පහන් පූජා කර ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව යාපනය අගරදගුරුතුමන් හමු විය. එහිදී උතුරු පළාතේ අහිංසක දුප්පත් ජනතාවගේ ප‍්‍රශ්න ගැටලූ පිලිබඳවද අගරදගුරුතුමන් විසින් ආණ්ඩුකාරතුමන් දැනුවත් කල අතර හැකි ඉක්මනින් ඒ පිලිබඳව විසඳුම් වලට පැමිණෙන බව ප‍්‍රකාශ කළේය. පසුව නල්ලූර් කෝවිල සහ නාගභූෂණී අම්පාල් යන කෝවිල් වල වෙත ගිය ආණ්ඩුකාරතුමා එම කෝවිල්වල විශේෂ පූජාවන්ද පවත්වා ආණ්ඩුකාරතුමන් ආශිර්වාද ලබා ගත්තේය.

ඉන්පසුව ආණ්ඩුකාරතුමන් නාගවිහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමඟ විශේෂ සාකච්ඡුාවක් කළ අතර එතුමන් පළාතේ ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡ කරන ලදී. එහිදී උන්වහන්සේ ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය උවදුර උතුරු පළාතෙන් තුරන් කිරීමට තමන් වහන්සේ සහ නාගදීප විහාරයේ විහාරාධීපතීන් වහන්සේ මෙන්ම පළාතේ සර්ව ආගමික නායකයින් සමඟ විශේෂ වැඩපිළිවෙලක් සිදුකරන බවත් ඒ සඳහා ආණ්ඩුකාරතුමන්ගේ ශක්තිය සහ ආශිර්වාදය බලාපොරොත්තුවන බවත්ය.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා,

අතිගරු ජනාධිපතිතුමන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල යටතේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට තමන් ඇප කැප වී කටයුතු කරන බවත් ආගමික නායකයින්ගේ උපරිම සහයෝගය බලාපොරෙත්තුවන බවත් පැවසීය.

තවද උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට කටයුතු සූදානම් කිරීම මේවන විටත් සිදු කරගෙන යන බවත් පාසල් දරුවන් හා තරුණ පරපුර මෙයින් ගලවා ගැනීමට සියලූ දෙනා නිවැරදි මඟ ගමන් කිරීමට අවශ්‍ය දේශණ, සම්මන්ත‍්‍රණ පවත්වමින් ජනතාව දැන්වත් කිරීමේ වැඩසටහන් ගම් මට්ටමින්, දිස්ත‍්‍රික්ක මට්ටමින් හා පාසල් මට්ටමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරතුමන් පවසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ නාගවිහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි පැවසූවේ අතිගරු ජනාධිපතිතුමන් ගත් නිවැරදිම තීන්දුව ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතඥ කැලූම් හේවගේ මහතා වැනි නීතිය පිළිබඳව උගත් බුද්ධිමත් පුද්ගලයෙකු පෞද්ගලික ලේකම් වශයෙන් පත්කිරීම තුලින් උතුරු පළාතේ බහුලව පවතින නීතිමය ගැටළු වලටද විසඳුම් ලබාදීමට මහත් පිටිවහලක් වන අතර අතිගරු ජනාධිපතිතුමන් බලාපොරොත්තු වන උතුරු පළාතේ සංවර්ධන ක‍්‍රියාදාමයත් ආගමික සහජීවනයත් යහපත් තත්වයකට පැමිණෙන බව විශ්වාස කරන බව උන්වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.

උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

Related posts

ගලේවෙල සමුපකාර ඡන්දය.. මහින්ද පිළ උඩින් දිනයි.. මෛත්‍රී+රනිල් පිළ හාන්සියි

colombotoday

නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට ගම්මුන් පහර දෙයි – අසාධ්‍ය තත්වයෙන් රෝහලට

colombotoday

රබර් ඉඩමක මළසිරුරක්

colombotoday

රත්‍රං මිල අදත් පහළ යයි

Admin

වෙන මොකුත් එපා. අපේ රටයි ජාතියයි බේරලා දෙන්න. මාතර ‌දෙණිපිටියේ මව්වරු ගෝඨාගෙන් ඉල්ලයි

colombotoday

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday