ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු නිල සංචාරය ලෙස ලබන 29 දා ඉන්දියාව බලා පිටත් යෑමට නියිමිත අතර, ඒ සදහා එක්වන දූත පිරිස දස දෙනෙකුට සීමා කර ඇත.
කිසිදු කැබිනට් අමාත්‍යවරයකු එම සංචාරය සඳහා එක් කර නොගැනීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.
මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් සංචාරයට එක්වීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදේශ සංචාරය වන ඉන්දීය සංචාරයට එක්වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාවකට අනුවයි.