එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට නව අමාත්‍ය තනතුරු ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය රහිත කරුණු සහිතව රටට අවාසි සහගත ලෙස සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කළ මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයා මින් ප්රමුඛ වන අතර කිසිදු අමාත්‍යාංශයක් ඔහුට ලබා දිමට තමන් කැමති නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාටද අමාත්‍ය ධුරයක් ලබා නොදෙන බවද ඊයේ 18 පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ඊයේ එජාපයට එක්වූ සන්ධානයේ තිදෙනාටද අමාත්‍ය මණ්ඩලයේ ඉඩක් නැති බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.