Colombo Today Local News

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට තමන් සූදානම් බව රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කිරීමට තමන් සූදානම් වන බවද ඔහු සඳහන් කර ඇත.

ඇමැති විමල් වීරවංශ මහතා තමාට දැනටමත් ඊට ආරාධනා කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ද තමන්ට ලැබෙන බවත් ඔහු කියා සිටියි.

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති ද සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන්ට ඡන්දය ඉල්ලන්නැයි ජනතාව කියන බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් නළු නිලියන්ගේ දේශපාලන ආගමනය පිළිබදව සමාජ මාධ්‍යවල එතරම් යහපත් ප්‍රතිචාරයක් නෙැමිති බව පෙනෙන්නට තිබෙන අතර, බොහෝ දෙනෙකුගේ අදහස් දකවා තිබුණේ මීලග පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ උගත් බුද්ධිමත් අය මිස තවත් අල්පොන්සොලා නොවන බවයි.

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමතිකමකට මටත් ආරාධනා ලැබුණා – ෆොන්සේකා

colombotoday

සමාජ මාධ්‍ය වාරණයෙන් ආණ්ඩුවේ බැරිකම හෙළිවුණා.. රාජපක්ෂ රෙජිමයෙන්වත් මෙහෙම කළේ නෑ

colombotoday

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

“වෙනස විශ්මයජනකයි.. ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට සියළු ක්‍රියාමාර්ග ගෙන අවසන්“ සම්බන්ධන්

colombotoday

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

අමිල ප්‍රියංග පැහැරගැණීමේ සිද්දිධිය ගැන හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි

Admin