ජනතාව ලබාදුන් තීන්දුවට එක්සත් ජාතික පක්ෂය හිස නමා ආචාර කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන ප්රකාශ කර සිටියි.
මෙරට දේශපාලන ඉතිහාසයේ පැරණිතම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේදී දැඩි පසුබෑමකට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මේ බව ප්රකාශ කර සිටියා.
” ජනතාව අපිට තීන්දුවක් ලබාදීලා තිබෙනවා. අපි ඒකට හිස නමා ආචාර කරනවා. පරාජය තමයි ජයග්රහණයේ අඩිතාලම වෙන්නේ.
පොදුජන පෙරමුණට මේ වෙන කොට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න ජන්ද දායකයින් පියවර ගෙන තිබෙනවා. කෙටියෙන් බැලුවොත් පරාජයට පත්ව තිබෙන පක්ෂ සියල්ලෙහිම ජන්ද එකතුව වඩා පොදුජන පෙරමුණ ජන්දය ලබා ගෙන තිබෙනවා.”