Colombo Today Local News

චතුර සේනාරත්න බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර යකා නටයි. – තාත්තගේ තනියට යන්න වෙන ලකුණු.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාගේ ආරක්ෂාවට යොදා සිටි බන්ධනාගාර නිලධාරින්ට ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා බැණ වැදී ඇති බව වාර්තා වනවා.

ඊයේ (29)රාත්‍රී කාලයේ දී හෘද රෝගී අංශයට චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගොස් ඇති අතර එහි රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මෙම බැණ තර්ජනය කිරීම සිදුව තිබෙනවා.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා බන්ධනාගාර නිලධාරින් සිව්දෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු ගේ ආරක්ෂාව යටතේ පසුවනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ සේවයට බාධා කිරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතයි.

මේ අතර චතුර සේනාරත්න මහතා ඊයේ දහවල් කාලයේදී රෝහලට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් බන්ධනාගාර නිලධාරීන් රාජිත සේනාරත්න මහතාව රැගෙන යාමට පැමිණීම සම්බන්ධයෙන් විමසූ විට සඳහන් කර ඇත්තේ එය වෛද්‍යවරු සමග කතාකරගෙන විසඳා ගෙන ඇති බවයි.

Related posts

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday

අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

colombotoday

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

colombotoday

විපක්ෂ නායකකම භාරගත් හේතුව මහින්ද කියයි…

colombotoday

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday