Colombo Today Local News

ගෝඨාගේ තීන්දුවට එරෙහිව තේනුවර හා වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ප්‍රතික්‍ෂේප කරමින් අභියාචනාධිකරණය ‍ලබාදී තිබෙන තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සාමාජික, ලේඛක ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් තීරණය කර තිබේ.

මෙම පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වූ කරුණු හෙට (07දා) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.

අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීරණයක් අභියෝගයට ලක්කිරීමට දින 42ක කාලයක් තිබෙන බවත්, එම අවස්ථාව යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු අද (07දා) දිනයේදී දැනුම්දෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන බැවින් එම කරුණු අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

මැනිං වෙළෙඳපොළේ උණුසුම් තත්වයක්

colombotoday

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

colombotoday

ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

Admin

කළ වරදට සමාවන්න – පිටදූවේ සිරිධම්ම හිමි මල්වතු මහා නාහිමිට වැද සමාව ගනී (Video)

colombotoday