ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර කැමැත්ත තවමත් පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත කියයි. ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ ප්රබල බෙදීමක් ද පවතින බව ඔහු කියා සිටී.
ලාල්කාන්ත මහතාගේ අදහස වී ඇත්තේ ගම් මට්ටමේ නිදහස් පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක් රොක්වීම නතර කිරීමට පක්ෂ නායකයින්ට නොහැකි වී ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂයේ ගමන මහින්ද මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු වලට බෙහෙවින් උපකාරීවනු ඇතැයිද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සදහන් කරයි.