Colombo Today Local News

‍ගංජා ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

යාපනය සිට කේරළ ගංජා ප්‍රවානය කළ පොලිස් නිලධාරියෙකු ඊයේ(15) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූ‍වේ කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 700 ක් ප්‍රවාහනය කළ වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යුද හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදි වෑන් රථයකින් ගමන් කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, යාපනය චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිස් අත්අඩංගුවට

colombotoday

[Video] මෛත්‍රීගේ ‘පුලතිසි ප්‍රශස්තිය’ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මහින්ද නමින් ගැයෙයි

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

colombotoday

විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක මිලියන 96ක් අතුරුදන්.

colombotoday

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin