Colombo Today Local News

කොළඹ සහ ගම්පහ පොලිස් බලප්‍රදේශ 6ක් හුදකලා තත්ත්වයෙන් ඉවතට

දැනට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ 6ක සංචරණ සීමා අද (23)දින අලුයම 5 සිට ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය,කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බලප්‍රදේශවල හුදකලා කිරීම් ඉවත් කර තිබේ.

කෙසේවෙතත් බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශය තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජා – ඇළ යන පොලිස් බලප්‍රදේශ ද අද අලුයම 5.00 සිට හුදකලා තතත්ත්වයෙන් ඉවත් කර තිබේ.

කෙසේවෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 13ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 05ක් තවදුරටත් හුදකලා තතත්ත්වයේ පසුවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන,ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාළිගාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව සහ වේල්ලවීදිය යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කැලණිය යන පොලිස් බලප්‍රදේශ ද තවදුරටත් හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතනින් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 8ක් ද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී.

Related posts

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති මෝදිට දුරකථනයෙන් අමතයි…

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.

colombotoday