Colombo Today Local News

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය පෙබරවාරි මාසයේ 15 වැනිදා දක්වා පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි පැවසීය.

කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු සඳහා වායු ගුණ තත්ත්ව දර්ශකය100 ත් 150 ත් අතර අගයක් වරින් වර පෙන්නුම් කරන බව ද ඔහු සඳහන් කළේය.

වායුගෝලයේ දූවිලි අංශු සඳහා වායු ගුණ තත්ත්ව දර්ශකය ඉහළ යෑම මේ දිනවල ආසියාතික රටවල් රැසකින් වාර්තා වන බවත්, එම තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපා ඇතැයිද ඔහු පැවසීය.

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග සුළං හමන දිශාව අනුව දූවිලි අංශු සඳහා වායු ගුණ තත්ත්ව දර්ශකය ඉහළ පහළ යන බවද හෙතෙම කීවේය.

දර්ශක අගය ඉහළ යාම සංවේදී පුද්ගලයන්ට යම් හානියක් ඇති කළ හැකි තත්ත්වයක් බවත්, ඇදුම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් මෙම කාල සීමාවේ දී ප්‍රවේශම් වීම වැදගත් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

පෞරාණික ස්ථානයක නිධන් හෑරූ 4ක් අල්ලයි

Admin

GI බට නඩුව : ඇමති බැසිල් හා කිත්සිරිට එරෙහි අධිචෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කර ගනී

colombotoday

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයි

colombotoday

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

Admin

සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරනයක්

Admin