Colombo Today Local News

කොවිඩ් ආසාදනයවී ප්‍රතිකාර ලබා නිවෙසට ඒමට සිටි පුද්ගලයෙකු මිය යයි

හම්බන්තොට කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහලේ කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් අද (10) දිනයේදී මිය ගොස් ඇති බව හම්බන්තොට කොවිඩ් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුරංඟ උබේසේකර ප්‍රකාශ කර සිටි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක කැළණිය, හෙට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පුද්ගලයා පසුගිය 01 වෙනිදා හම්බන්තොට මහ රෝහලේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර සිට ඇත. කෙසේ වුවත් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු අද දිනයේදී නිවසට යෑමට සිටියදි පපුවේ අමාරුවක් සෑදීම හේතුවෙන් හම්බන්තොට නව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

රෝගියා මීට පෙර හෘදයාබාදයකින් පෙලි ඇති අයෙක් බවයි හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

Related posts

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

අගමැතිගෙන් ඇමරිකාවට සහතිකයක්

colombotoday

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

“අංගොඩ යවා ෆොන්සේකාගේ මොළේ පරීක්ෂාවක් කළ යුතුයි” – ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

ඩොලරය රු.340ටම බාල්දුයි

colombotoday

සිගිරියට අයත් ඓතිහාසික භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

colombotoday