Colombo Today Local News

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිතව කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබූ පුද්ගලයෙකු රෝහලෙන් පලාගොස් තිබේ.

ඔහු නිවසක් මංකොල්ල කෑම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 22 හැවිරිදි පුද්ගලයෙකි.

උණ රෝගී ලක්ෂණ පෙන්වීම නිසා කොරෝනා ආසාදිත යයි සැක පිට කොළඹ IDH රෝහලට ඔහු ඇතුළත් කර තිබිණි.

මෙම පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර නිවාසයක් කොල්ලකෑම සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු උණ රෝගී ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත IDH රෝහලට ඒ මොහොතේම ඇතුලත් කර තිබිණ.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා පරීක්ෂණ සඳහා ජීව සාම්පල ලබාගැනීම සිදු වූ අතර එම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් රෝහලේ වාට්ටුවක රඳවාගෙන සිටිය දී 23 අලුයම එම ස්ථානයෙන් පැන ගොස් තිබිණි.

දැනටමත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස විශේෂ පොලිස් පණිවිඩයක් රටපුරා සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

Related posts

දින 25ක කාලයක් සඳහා නොරොච්චෝලේ වසා දමයි

Admin

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday

ලෝක වෙළදපොලේ තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි.

colombotoday

මෛත්‍රිපාල හැප්පුවාට ඉස්මයිල් පහර දීලා

colombotoday

රන්ජන් රාමනායක අද අධිකරණයට

colombotoday

රාජ්‍ය සේවකයන්ට මෙදා අවුරුද්දේ හුලං.. ආණ්ඩුවට සල්ලි නෑ කියා උත්සව දීමනා නොගෙවයි

colombotoday