Business

කොරෝනා නිසා ජනපති නියගයෙන් ලබාදුන් සහන පිලිබඳ මහ බැංකුව මූල්‍ය ආයතන දැනුවත් කරයි

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයන්ට සහන සැලසීමට 2020.03.20 දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නියෝගය මත, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් මෙහි පහළ මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත බැංකු සහ කල්බදු සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් සහන ජනතාව වෙත ලබාදීමට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් හෙට (27දා) දිනයේ දී නිකුත් කිරීමට නියමිතය.

1.) එවැනි සියලුම මූල්‍ය ආයතන පහත සඳහන් පරිදි ණය සහන (ප්‍රාග්ධනය සහ පොළිය මත) ක්‍රියාත්මක කළ යුතුය.

සියලුම ත්‍රිරෝද රථ, පාසල් වෑන්, ලොරි, කුඩා භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සහ ස්වයං රැකියාලාභීන් විසින් මෙහෙයවනු ලබන බස්රථවල ලීසිං වාරික සඳහා මාස හයක සහනයක්.

පෞද්ගලික අංශයේ සියලුම විධායක නොවන සේවකයින්ට ලබාදී ඇති පුද්ගලික ණය සම්බන්ධයෙන් 2020.05.30 දින දක්වා සහන කාලයක්.

රුපියල් මිලියන 1ට අඩු සියලුම පුද්ලගික ණය හා ලීසිං වාරික සඳහා මාස 03ක සහන කාලයක්.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවා සපයන්නන් (ලොජිස්ටික්) යනා දී බලපෑමට ලක්වූ කර්මාන්ත සඳහා මාස හයක ණය සහන කාලයක්.

2.) මූල්‍ය ආයතන විසින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා 4%ක පොලී අනුපාතයකට ලබාදිය යුතු අතර, ඉහත 1 (iv) අයිතමයේ අංශ සඳහා අවම වශයෙන් මාස 6ක් වත් පොලී ගෙවීම් අත්හැර දැමිය යුතුය. නැවත මූල්‍යයනය සඳහා පොලී සහනාධාරයක් ඇතුළත් වේ.

3.) 2020.04.30 වන දින දක්වා ඉහත 1 සහ 2 අයිතම සඳහා ණය අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන්ට ඉඩ ලබාදිය යුතු අතර මූල්‍ය ආයතන විසින් දින 45ක් ඇතුළත එය අවසන් කළ යුතුය.

4) රු.50,000ක් දක්වා වටිනාකමින් යුත් දේශීය ක්‍රෙඩිට්කාඩ් ගනුදෙනු සඳහා මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන උපරිම පොලී අනුපාතය 15%ක් විය යුතුය. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අවම මාසික ගෙවීම 50%කින් අඩු කළ යුතුය. තවද රු.50,000 සීමාවට අඩු සියලු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා නැවත ගෙවිය යුතු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

5.) රුපියල් ලක්ෂ 5 ට අඩු වටිනාකමකින් යුතු චෙක්පත් සඳහා වන වලංගු කාලය බලපත්‍රලාභී බැංකු විසින් 2020.04.30 දක්වා දීර්ඝ කරනු ඇත.

6.) ඇඳිරි නීතිය බලනොපැවැත්වෙන දිනවලදී බලපත්‍රලාභී බැංකුවල සියලුම ශාඛා උදේ 8.00 සිට ප.ව 1.00 දක්වා අවම සේවකයින් සංඛ්‍යාවක් සමඟින් විවෘතව තැබිය යුතුය. එසේම සියලුම ආයතනික ශාඛාවන් ආහාර, වෛද්‍ය, ගමනාගමන හා අනෙකුත් පාරිභෝගික සේවා සම්බන්ධිත ජාත්‍යන්තර ගනුදෙනු සඳහා පහසුකම් සැපයීමට ඇඳිරි නීතිය පනවා ඇති දිනවල විවෘත වනු ඇත.

7.) ඉහත සඳහන් කරුණු පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් 2020.03.27 දින නිකුත් කරනු ලැබේ.

Related posts

ඩොලරය 196 දක්වා ඉහලට

colombotoday

නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

colombotoday

As tech companies get richer, is it ‘game over’ for startups?

colombotoday

ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයි

colombotoday

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

colombotoday

සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.

colombotoday