Colombo Today Local News

කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කරන්නට නොමිළේ දුරකතන පහසුකම්

කොවිඩ් – 19 ව්‍යාප්තියත් සමග බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට තම ඥාතීන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධවීමට අවස්ථාවක් ලබා දී තිබේ.

බන්ධනාගාරගතව සිටින රැඳවියන් නැරඹීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබා දී තිබූ අවස්ථාව කොවිඩ් ව්‍යාප්තියත් සමග තාවකාලිතව අත්හිටවනු ලැබීය.

ඒ වෙනුවෙන් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

“කොවිඩ් වසංගතය හේතුවෙන් බන්ධනාගාරය තුළට අමුත්තන් පැමිණීම අපි තාවකාලිකව නවත්වලා තියෙනවා. ඒ නිසා නේවාසිකයින්ට සහනයක් විදියට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ගාස්තු රහිත දුරකථනයක් ලබා දීලා තිබුණා. ඒ දුරකථනයේ පහසුකම තවත් මසකින් දීර්ඝ කරලා මේ වන විට ලැබිලා තියෙනවා. ඒ අනුව අපි නේවාසිකයින්ට සතියකට එක පාරක් තමන්ගේ ගෙදර තොරතුරු දැනගැනීම සඳහා විනාඩි 5ක කාලයකට රැඳවියන්ට අවස්ථාව දෙනවා සමීපතමයින්ගේ තොරතුරු දැනගන්න.“

Related posts

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

colombotoday

නැගෙනහිර ජැටිය : යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

colombotoday

ජනාධිපතිගේ ඉතිහාස පාඩම සහ අනාගත අභියෝගය

Admin

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

අගමැති අද ජාතිය අමතයි

colombotoday

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday