Colombo Today Local News

කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 25 දෙනෙකු මිය ගිහින්

කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම ⁣වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන්  කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාලයක පටන් බ්‍රිතාන්‍යයේ වාසය කරන ලාංකික ප්‍රජාවට අයත්  පිරිසක් යැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග වලින් පැවසේ.

එම වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාංකිකයින්ට ගෞරව දැක්වීමක් ලෙස බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජාප සිරිසේන මහත්මිය පසුගිය දිනවලදී මිය ලාංකිකයින්ගේ පවුල් වල සාමාජිකයන් අමතමින් සිය කනගාටුව පළ කල බවදපපැවසේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ කෙරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතිද්දී එරට සිටින තවත් ලාංකිකයින්  900 දෙනෙකු නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු පසුවෙන බවද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිට්.

මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද  සිටින බව ශ්‍රී  ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.

Related posts

ඩයනාගේ නඩු විභාගයක් බලන්න සජිත් අධිකරණයට

Admin

රං පවුම අනුදාහට නගී

colombotoday

“කෘෂිකර්මෙට කෝටි 96ක කුලී ගොඩනැගිල්ල‌ ගන්න කැබිනට්‌ අනුමැතිය ලැබුණා” – රාජිත

colombotoday

ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි

colombotoday

නාමල් කුමාර CID අත්අඩංගුවට

colombotoday

“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයි

colombotoday