Colombo Today Local News

කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සමරයි

1987 සිට 1990 දක්වා කාලය තුලදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව විසින් මෙරටදී ක්‍රියාත්මක කරනු ලැබූ පවන් ආදි මෙහෙයුම් වලදී මිය ගිය ඉන්දීය සාමසාධක හමුදාව අනුස්මරණය කිරීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

යාපනයේ පිහිටි ඉන්දියානු සාමසාධක හමුදා ස්මාර්කය අසලදී මෙම සැමරුම් උත්සවය සංවිධානය කොට තිබුනේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උඵදෙස් පරිදිය.

යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්.බාලචන්ද්‍රන් මහතා සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉදිරි නඩත්තු පෙදෙස භාර ආඥාපති මේජර් ජෙනරල් ලක්මන් ප්‍රනාන්දු යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම අනුස්මරණ සැමරුම සංවිධානය කොට තිබුණි.

මෙහිදී මිය ගිය වීරෝධාර ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් සිහිපත් කරිමින් ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූ අතර මිය ගිය අය වෙනුවෙන් සාම්ප්‍රදායික බියුගල් වාදනයක්ද පැවත්වුණි.

-Lanka c news

Related posts

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

ජනපති සිරිසේනට ඇමරිකාවේ උප ජනාධිපතිගෙන් ඇමතුමක් !

colombotoday

රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

colombotoday

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

colombotoday

රජයේ වෛද්‍යවරු පළාත් දෙකක අද වැඩ වර්ජණයේ !

colombotoday