Colombo Today Local News

කුරුදු අපනයනයට මුවා වු කසළ තේ ජාවාරම

කුරුඳු අපනයනය කරන මුවාවෙන් කසළ තේ ඉරාකයට යැවිමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරින් විසින් සිදුකළ විමර්ශනවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කුරුඳු බාහලුමක් ඉරාකයට අපනයනය කිරීම සඳහා රේගු අංගනයේ රඳවා තිබිය දී ඒ සම්බන්ධයෙන් සැකසිතූ රේගු නිලධාරින් අදාළ බහලුමේ අපනයනකරුට සහ වාප්පු ලිපිකරුට රේගුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

එහෙත් අදාළ සැකකරුවන් රේගුව හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් අධිකරණ නියෝගයක් ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

මෝටර් රථය ගසක හැපී මල්ලීගේ දෑස් ඉදිරිපිට අයියා දිවියෙන් සමු ගනී

colombotoday

චීනයෙන් තවත් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිවයිනට

colombotoday

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday

කොළඹ කසල අර්බුදයක්

Admin

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin