Colombo Today Local News

කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තු තීරණය හෙට

කුරුණෑගල ඓතිහාසික රාජ්‍ය සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත් හිටුවනවාද නැද්ද යන්න නියෝගය හෙට දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත් කළ නියෝගය හෙට දින තෙක් දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

මෙම නියෝගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් සහ සෝභිත රාජකරුණා මහත්වරුන් විසින් නිකුත් කරන ලදී.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකු අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

තමන් අත්අඩංගුවට ගැනීමට අගොස්තු මස 5 වෙනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

Related posts

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

colombotoday

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි

Admin

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday