Colombo Today Local News

කුඩු සල්ලි ප්‍රවාහනය කල තවත් බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (27)දින පෑලියගොඩ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන ඇඳිරිනීතිය පැවති සමයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම නිලධාරියා තම නිලඇඳුමින් සැරසී යමින් ඊට ආරක්ෂාව සහ රැකවරණය ලබා දී ඇතැයි කරුණු අණාවරණ වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

සුලෝචන දයානන්ද නමැති 36 හැවිරිදි ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‍”කොස්ගොඩ තාරකගේ” කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් හැසිරවූ බවට අනාවරණ වීමෙන් පසු අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින රොහාන් ප්‍රදීප් නමැති සැකකරු සමඟ එක්ව ඔහු මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකාර බන්ධනාගාර නිලධාරියා මේ වන විට පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටී.

Related posts

ගුවන් හමුදාව දඹුල්ලේදී බෝම්බ තුනක් නිශ්ක්‍රීය කරයි…

colombotoday

අන්තර්ජාලය තුල ක්‍රියාකරන අන්තවාදී බෞද්ධයන්ට දඩුවම් කරන්න – මුස්ලිම් කවුන්සිලය අගමැතිගෙන් ඉල්ලයි

colombotoday

පුද්ගල අත්තිකාරම් බදු ආදායමේ සීඝ්‍ර වර්ධනයක්

Admin

බදියුදීන්ගේ මස්සිනා ලිංගික හිංසනයට ලක්කල තවත් කාන්තාවක් සාක්ෂි දෙයි

colombotoday

ලංකා සතොස ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශ කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

රිය අනතුරකදී රක්ශන වන්දි ලබාදීමේ නීති අලුත් වේ

Admin