Colombo Today Local News

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවීඩ් 19 වෛරස ආසාදිතයකු වාර්තා වීමත් සමග කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම පාසල් අද (24)දිනයේ සිට වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්.ඉලංකෝවන් මහතා නිවේදනය කර ඇත.

කිලිනොච්චිය නගරයේ වෙළඳසැලක සේවය කල 72 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ දින උණ ආසාදනයක් හේතුවෙන් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

අදාල ආසාදිතයා මේ වන විට වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගොස් ප්‍රතිකාර කරන බවටද කිලිනොච්චිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසා සිටියි.

මේ අනුව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කිලිනොච්චියේ අධ්‍යාපන බලධාරීන් විසින් උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස අද දිනයේදී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පාසල් අද සිට සිකුරාදා (27)දින දක්වා වැසීමට තීරණය කොට ඇති බවටද උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කොට ඇත.

මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් වාර්ථා වූ කොරෝනා ආසාදිතයාට කොරෝනා වැළඳුනු අයුරු පිළිබඳව මෙතෙක් හෙලි වී නොමැති අතරම ඒ පිළිබඳව පරික්ෂණයක් අරඹා ඇති බවටත් අදාල ආසාදිතයා අසුරු කල කිහිප දෙනෙකුද හඳුනාගෙන ඔවුන් නිරෝධායනය කිරීම හා පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කොට ඇති බවටද කිලිනොච්චිය දිස්ත්‍රීක් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ආවේ එජාපයයි – සිංහලේ ගැන බොදු බලේ කියන කතාව

colombotoday

ආනයන සහ අපනයන පහසු කරයි

Admin

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

colombotoday

13 වැනි සංශෝධනයේ ඇති ඉඩම්, පොලිස් බලතල දෙන්න බැහැ… විකල්ප ගැන කතා කරමු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ‘ද හින්දු’ පුවත්පතට කියයි

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin