Colombo Today Local News

කැවුම් බදින ජනපති සිරිසේන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් දිනෙන් දින වඩා සමාජශීලි තැනැත්තෙකු බවට පත්වෙමින් සිටියි.

විශේෂයෙන් මහජනතාව සමඟ ගැවසීමට ලැබෙන සෑම අවස්ථාවකදීම කතා බහට ලක්වෙන අන්දමට ඔවුන් සමඟ ගැවසීමට හෙතෙම වගබලා ගනී. වැඩිහිටින් සමඟ ඉතා කුළුපගව ඔවුන් අතරම හිදින්නට උත්සහ දරන අතර දරුවන් සමඟ සිටීමට සිදුවන අවස්ථාවන්හිදීද සින්දු කියමින් විනෝදයෙන් එම අවස්ථාව විඳ ගැනීමට කටයුතු කරයි.

ඊයේ (06)දිනයේදීද කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින්නන්ගේ සාදර අනුග්‍රහයෙන් සංවිධානය කෙරුණු බක්මහ උළෙලක් එම පරිශ්‍රයේ දී පැවති අතර ජනාධිපතිවරයාද ඊට එක් විය.

සුවතා කවයේ සාමාජිකයින් විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගෙන තිබුණි.

සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවති මෙම බක්මහ උළෙලට සංස්කෘතිකාංග රැසක් එක් කර තිබූ අතර ජනාධිපතිවරයාද කැවුම් බැදීමට මෙන්ම රබන් ගැසීමටද එකතු විය. ඉදිරි කාලයද මැතිවරණ පාදක කරගනිමින් සුවිශේෂී කාලයක වන අතර තව තවත් විශේෂ අවස්ථා දේශපාලන ඉතිහාසයට එක් වනු ඇති.

Related posts

වැටි බද්ද හෙට සිට ඉහළට

colombotoday

දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාල රස පරීක්ෂක වාර්තාව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට

Admin

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

colombotoday

ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් කිරීම

colombotoday

පස්සේ සගවා ගත් රත්‍රන් එක්ක ඇඹරෙද්දී කෝටි 17ක රත්තරන් කටුනායකදී මාට්ටු

colombotoday