Colombo Today Local News

කැලණියේ CCTV ගැලවූ සිසුන් 30කගේ දෙවසරක ශිෂ්‍යභාවය අහෝසි කරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන ඇතැයි උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංහ ඊයේ (26 වැනිදා) පැවසීය. මෙලෙස හඳුනාගත් සිසුන් අවම වශයෙන් දෙවසරක ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමකට ලක් කරන බවත් උපකුලපතිවරයා සඳහන් කරයි.

මෙලෙස සිසුන් හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටු සාක්ෂි අනුව මෙන්ම සීසීටීවී කැමරා සටහන් අනුවය.එම සිසුන් සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පරිපාලන අංශ පියවර ගනිමින් සිටියි.

මාර්තු මස 9 වැනිදා නවක සිසුසිසුවියන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම සැලසුම් කඩකප්පල් කර වත්මන් උප කුලපතිවරයා කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමේ උත්සාහයක් මෙම සිද්ධිය පිටුපස ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.දැනට පුරප්පාඩු වී පවතින උපකුලපති ධුරය ලබා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරතව සිටින පිරිසක් සිසුන් පොලඹවන්නට ඇතැයි ද පරිපාලන අංශ සැක පළ කරයි.

මෙම සී.සී.ටී.වී. ගලවා ඉවත් කර ඇත්තේ ඉකුත් 24 වැනිදා සවසය. විශ්වවිද්‍යාලයට මෙම කැමරා පද්ධතිය සවි කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. එම කැමරා ඉවත් කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය පරිපාලන අංශවලින් වරින් වර ඉල්ලීම් කළ නමුත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට අවශ්‍ය හෙයින් එම කැමරා ඉවත් කිරීම පරිපාලන අංශ ප්‍රතික්ෂේප කර තිබිණි.

Related posts

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

colombotoday

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

colombotoday

දකුණේ ධීවරයන් උතුරට යාම නවතන්න හිටපු මන්තී‍්‍ර තුරෙයිරාසා රවිහරන් දැඩි උත්සාහයක | ධිවරයොත් උසි ගන්වයි

colombotoday

පන්සල්වල තොරතුරු රැස්කරන බුද්ධි මෙහෙයුමක් පොලීසිය අරඹයි..? “කසාවතට, පන්සලට අතතියා වරද්දා නොගනු” – සිංහල රාවය

colombotoday

රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday