Colombo Today Local News

කාත්තන්කුඩියේ වහබ්වාදය, සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු අන්තවාදි සංවිධාන ක්‍රියාත්මක වන බව පාස්කු කොමිසමේ දී හෙළි වේ

සහරාන් හෂීම් මියගිය ද කාත්තන්කුඩියේ අන්තවාදී, වහබ් මතවාදය සහ එහි ක්‍රියාකාරකම් තවමත් ප්‍රබලව පවතින බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණි.

කාතන්කුඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ඊයේ (17)දින කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ බව හෙළි කර තිබේ.

කාත්තන්කුඩිය ප්‍රදේශයේ සුෆි නොවන පල්ලි 45 ත් 50 ත් අතර ප්‍රමාණයක් පවතින බවත් ඒ අතුරින් වහබ් දර්ශනය අදහන පල්ලි 10 ක් 15 ක් පමණ ප්‍රමාණයක් පිහිටුවා ඇති බවත් ඔහු කොමිසමට පැවසීය.

අදාළ වහබ් පල්ලිවල පහළොස්දහසක පමණ සාමාජික ප්‍රමාණයක් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියානු මව්ලවිවරු දේශන සඳහා කාත්තන්කුඩියට පැමිණ ඇති බවත් ඒ අතර තමිල්නාඩු තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන ජෙයිනුලාබ්දීන් යන මවුලවිවරයාද සිට ඇති බව ඔහු කොමිසමට පැවසුවේය.

සාක්ෂිකරු පැවසුවේ අදාළ මවුලවිවරයා වහබ් වාදය ගැන දේශනා පැවැත්වු අතර සූෆි මුස්ලිම්වරුගේ පාරම්පරික වන්දනා ක්‍රමවලට එරෙහිව කථා කළ බවය.

ඔහු පැවසුවේ 2019 අප්‍රේල් 21 වැනිදා ජාතික තහවුද් ජමාත් සංවිධානය නැතිව ගියද ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන කාත්තන්කුඩියේ තවමත් ප්‍රසිද්ධියේ අන්තවාදි කටයුතු සිදුකරන බවය.

කාත්තන්කුඩියේ අරාබි හා මද්‍රසා පාසල් තුළ වහබ්වාදය ඉගැන්විම සිදුකරන බවත් වහබ්වාදි අන්තවාදි මුස්ලිම් පල්ලි තවමත් රට තුළ ක්‍රියාත්මක බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

ඒ අතර 2011 වසරේ සිට කාත්තන්කුඩියේ අරාබි නාම පුවරු ඉදිකිරීම නගර සභාව මගින් සිදුකරන බවත් එහි සභාපති ලෙස කටයුතු කරන වහබ්වාදි මතධාරියෙකු වන”අස්වර්” නැමැති පුද්ගලයා අද දක්වා එම ධුරයේ කටයුතු කරන බව සංවර්ධන නිලධාරියා ප්‍රකාශ කළේය.

එමෙන්ම කාත්තන්කුඩියේ දරුවන් 6 සහ 7 ශ්‍රේණියෙන් පසුව රජයේ පාසල් වෙත නොයන බවත් ඔවුන් මද්‍රාසා හා අරාබි පාසල්වල ඉගෙනුම ලබන බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

Related posts

රවී අයවැයෙන් ‘සමෘද්ධිය‘ නැති කරයි !.. එස්.බී. ගෙන් නිවේදනයක්

colombotoday

පුනුරුත්තාපනය වූ LTTE සාමාජිකයින් ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ මෙහෙයුමක

colombotoday

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

colombotoday

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday