Colombo Today Local News

ක්‍රිකට් තරඟ පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිවුවා.. පනත වැරදියි.. පොලීසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා-මහින්දානන්ද

ක්‍රිකට් තරඟ පාවාදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත යුතු කිසිවෙකුගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන නොමැති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

තමා සිදු කළ ප්‍රකාශයට අදාල පොලිස් පරික්ෂණ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ,

“මා විසින් කරන ලද ප්‍රකාශනය පිළිබඳ පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. එහිදී මා සතුව තිබු සියලුම තොරතුරු ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිවුවා. මම දන්නේ නෑ පොලිස් ඒකකය කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන කැඳවුයේ කුමන පදනමකින්ද කියලා.”

“පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැති නිසා පරීක්ෂණය නතර කරා කියලා. මම කතා කළා මගෙන් ප්‍රකාශ ලබාගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ෂණ ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරීක්ෂණය තියන්න බෑ කියලා.”

“තරග පවා දීමේ පනත සම්මත වුණේ 2019 දී. මේ සිද්ධිය වුණේ 2011දී. කුමාර සංගක්කාර මහාතගේ නීතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැඳිලා නෑ කියලා. මොකද මේ පනත වැරදියි. එතකොට තමයි පොලීසියට තේරෙන්නේ ආරම්භ කරපු පරීක්ෂණය වැරදියි කියලා.පොලීසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා හිර කර ගත්තම පරීක්ෂණය අවසන්, තොරතුරු නෑ කියන්න බෑ.”

“මේ වෙනකොට පොලීසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරීම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට් පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නෑ. මම පැහැදිලිව සඳහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා. එක්කෙනෙක්ගෙන් කටඋත්තර අරගෙන පරීක්ෂණය වහන්න පුළුවන්ද?”

“මේ පනතට අනුව පොලිස් විමර්ෂණ ඒකකයට පරීක්ෂණ කරන්න බෑ. මේක විමර්ෂණය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්. පොලිස් ප්‍රකාශකයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළා.”

Related posts

ඉතාලි යවනවා කියා මුදල් වංචා කල කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. | අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වගේ කතා. ගැලරිය පිනවන්න කියන කතා.” ජනාධිපති ගෝඨාභය කියයි

colombotoday

තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

colombotoday

‘සිංහල ජානවල ආගම් විරෝධය නෑ.. ඥාණසාර හිමි කියන්නේ ඇත්ත‘ – අස්ගිරි මහ ලේඛකාධිකාරී නාහිමි

colombotoday

ඥානසාර හිමිට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචනයක්

colombotoday

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීම: ප්‍රශ්නගත ඉඩම් හිමියාගෙන් එකඟතාවක්

Admin