Colombo Today Local News

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

“දමිළ එක්සත් නිදහස් පෙරමුණේ” නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය දී තිබේ.

කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයකු වන බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟවදින අපේක්ෂකයින් කැඳවා විමර්ශන සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවට මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වී ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවාස් මහතා මෙම සිද්ධියට අදාළ පොලිස් විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින බව පෙනී යන හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බව පෙන්වා දුනි.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

Related posts

ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න..

colombotoday

මෙරට පුරාවස්තු මංකොල්ල කන්නේ සිංහල බෞද්ධයෝ.. දෙමළ-මුස්ලිම් මිනිස්සු පුරාවස්තු මංකොල්ල කන්නෙ නෑ- JVP

colombotoday

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි.. ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? අවසන් තීරණය අද

colombotoday

ගුරුකන්ද නාහිමිගේ ආදාහනයට එරෙහිව විග්නේශ්වරන් ඇතුළු පිරිසක් විරෝධතාවයක

colombotoday

සහරන්ගේ ලිපිගොනුව භාරව සිටියේ නීතිපතියේ මලික් අසීස්. අධීක්ෂණය අසාද් නවාවි. | උපදෙස් දීමට තරම් කරුණු තිබ්බේ නෑ. කොමිසමට කියයි.

colombotoday

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට තර්ජනයක් !!

colombotoday