Colombo Today Local News

ඒකාබද්ධයේ මන්ත්‍රීත් මහ සගරුවණට හරස් වෙයි.. විධායකය අහෝසි කරන්න ඉල්ලයි

ජනාධිපතිගේ විධායක බලතල ඉවත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

සතිඅන්ත ජාතික පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මගේ මතය, ඉන්දියාවේ ජනාධිපතිටත් බලයක් තියෙනවා. නාමමාත්‍රික ජනාධිපති වුණාට ඒ පළාත් සභාවලට සම්බන්ධ සියුලු බලතල ඉන්දියාවේ ජනාධිපතිට තියෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් ඒ තීරණ ගන්න. ඒක ව්‍යවස්ථාවෙන් හදාගන්න පුළුවන්. නාම මාත්‍රික ජනාධිපතිවරයාටත් ඒ බලතල දෙන්න පුළුවන්. ඒ විදියට අවශ්‍යකරන ඒවා විතරක් දෙනවා මිසක් විධායක බලතල දෙන්න නරකයි.” යැයි මහින්ද පිලෙ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

කෙසේවුවද මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරු අවධාරණය කර සිටින්නේ, විධායක ජනාධිපති ක්‍රමය මේ මොහොතේ කිසිසේත්ම අහෝසි නොකළ යුතු බවයි.

රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මැති ඇමැතින් 16 දෙනා උන් වහන්සේලා බැහැ දැකීම සදහා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කලහ.

අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියෝ කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් එය බටහිර රටවල වුවමනාව බවත්ය.

මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් සදහන් කර ඇත්තේ වත්මන් විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත්ම අහෝසි නොකළ යුතු බවත් එය අහෝසි කළහොත් රට අරාජික වනු ඇති බවත්ය.

Related posts

රුපියල නන්නත්තාරයි… ඩොලරය රජ ගමනක… 165 සීමාවත් පනී…

colombotoday

අදානි ලොක්කා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි.

colombotoday

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

colombotoday

“අසල්වැසියන්ට ප්‍රේම කරමු.. අපට කෙළවුණත් ETCA ගෙනත් ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදමු“ – ඉරාජ්

colombotoday

මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday