Colombo Today Local News

එජාප ජනපති අපේක්ෂකයා තේරීමට සිරිකොතේ විශේෂ රැස්වීමක් !

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සුවිශේෂී රැස්වීම බ‍්‍රහස්පතින්දා (25) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ  මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එහිදී එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනපතිවරණ අපෙක්ෂකයා තෝරා ගැනීම සිදු වේ.

එක්සත් ජාතික පක්ෂ  ව්‍යවස්ථාවේ 9/1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරි මන්ඩලය විසින් පත් කරනු ලබන නාමයෝජනා කමිටුව විසින්  ජනාධිපතිවරණ අපේක්ෂක  කවුරුන්දැයි කෘත්‍යාධිකාරි මණ්ඩළයට දැනුම් දීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කෘත්‍යාධිකාරි මන්ඩලය විසින් පත්කරන  නාම යෝජනා මණ්ඩලය  පැයකට පමණ පසුව පැමිණ ජනාධිපති අපේක්ෂක දැනුම්දීම  සම්ප‍්‍රදාය ලෙස පවතී.

නාම යෝජනා මණ්ඩලය විසින්  නම් කරන අපේක්ෂකයාට අමතරව තවත් ජනාධිපතිවරණ  අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම්  එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් අතර ඡන්ද විමසීමක් කළ යුතු වේ.

ඡන්ද විමසීමටද හැකි වන ආකාරයට කෘත්‍යාධිකාරි මණ්ඩල  රැස්වීම පැවැත්වීම සඳහා පිටකෝට්ටේ  සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය  මේ වනවිට  සූදානම් කර පවතී.

Related posts

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

colombotoday

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජණයක් වෙන්න නම් “පරණ බඩුමුට්ටු” තව කොපමණ හමුවිය යුතුද? – ආරක්ෂක ලේකම්ගෙන් විමල් අසයි

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

ගාලු මුවදොර තිබෙන වාහන ගැන ඇහෙන අලුත්ම විස්තරය තිබෙන

Admin

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday